Gossips

කොළඹ – කොටුව, වවුනියාව නගරාන්තර දුම්රිය හෙට සහ අනිද්දා යාපනයට

කොළඹ – කොටුව සහ වවුනියාව අතර ධාවනය කෙරෙන නගරාන්තර සීග්‍රඝාමී දුම්රිය හෙට (12) සහ අනිද්දා (13) යාපනය දක්වා ධාවනය කෙරෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් කොළඹ සිට යාපනය බලා යන මගීන්ගේ පහසුව සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.
මෙම සීඝ්‍රගාමී දුම්රිය හෙට (12) පස්වරු 3.55 ට කොළඹ කොටුවෙන් ධාවනය වන අතර, මධ්‍යම රාත්‍රී 12 ට යාපනයට ළඟාවීමට නියමිතයි.
යළි එම දුම්රිය කොළඹ කොටුව බලා යාපනයේ සිට ධාවනය වන්නේ අනිද්දා අලුයම 3 ටයි.