කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවිකාවක් අද (15) උදෑසන කොළඹ කොටුව ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී ඇඹිලිපිටිය දක්වා ධාවනය වීමට පිටකොටුවෙන් ගමන් ආරම්භ කළ බස් රථයකට යටවීමෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාව 61 වන වියේ පසුවන්නියක් බව පොලීසිය කියා සිටියා.