Gossips

කොළඹ කොටස් වෙළඳපොල ප්‍රකෘතිමත්

පසුගිය සති කිහිපය මුළුල්ලේ අපගමනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළඳපොල ගතවූ සතිය තුළ ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබුණා.
සමස්ත දර්ශකය සියයට දශම පහකින් ඉහළ ගියද සතියේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2 කට සීමාවීම විශේෂත්වයක්.
විදේශීය ආයෝජකයන් ගතවූ සතිය තුළ රුපියල් මිලියන 224 ක් වටිනා කොටස් අලෙවි කළා.
වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය සියයට 3.6 කින් පහත වැටී ඇති අතර, එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 9.2 කින් පහත වැටී තිබෙනවා.