කොළඹ කොටස් වෙළඳපොල සහ ඉන්දියානු ජාතික කොටස් වෙළඳපොල අද අවබෝධතා ගිවිසුමකට අත්සන් කළා.
ඒ, දෙරට අතර ආයෝජන අවස්ථා සහ සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්.
ආයෝජක සහභාගීත්වය සහ පරිමාව අනුව ඉන්දියානු කොටස් වෙළඳපොල වේගයෙන් වර්ධනය වන අතර, එමඟින් මෙරට ප්රාග්ධන වෙළඳපොලට වැඩි දායකත්වයක් ලබාගත හැකියි. සමාගම් 1850 ක් එහි ලැයිස්තුගත වී සිටිනවා.