Gossips

කොළඹ කොටස් වෙළඳපොලේ වර්ධනයක්

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ගතවූ සතිය තුළ වර්ධනයක් අත් කරගැනීමට සමත්වුණා.
සතිය ආරම්භයේදී සුළු පහත වැටීමක් පෙන්නුම් කළ සමස්ත දර්ශකය සතිය තුළ ඒකක 42 දශම 51 කින් වර්ධනය වූ අතර, සතිය නිමාවේ සටහන් වූයේ 5992.70 ක් ලෙසයි.
කොටස් වෙළඳපොල ප්‍රධාන සමාගම් 20 නියෝජනය කරන එස්. ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සතිය තුළ ඒකක 45.25 කින් වර්ධනය වෙමින් 3159 යි දශම 76 ක් ලෙස සටහන් වුණා.
කෙසේ නමුත් සමස්ත දර්ශකය සහ එස්. ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය වසරේ මේ දක්වා පිළිවෙලින් සියයට 5.91 කින් සහ 13.94 කින් පහත වැටී තිබෙනවා.
ගතවූ සතිය සැළකූ විට මුළු පිරිවැටුම රුපියල් බිලියන 2 යි දශම 93 කට ආසන්නයි.