Gossips

කොළඹ කුණුවලට තවමත් විසඳුම් නැහැ

කොළඹ නගරයේ මාලිගාකන්ද, මරදාන, දෙමටගොඩ ආදී ප්‍රදේශ රැසක සතියක පමණ කාලයක් තිස්සේ කසල ගොඩගැසී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
ඔවුන් කියා සිටියේ කොළඹ මහනගර සභාව කසල එක්රැස් කිරීම සඳහා නොපැමිණීම හේතුවෙන් තමන් මෙම ගැටලුවට මුහුණදී ඇති බවයි.
මේ පිළිබඳව අප කොළඹ මහනගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්නගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ කසල වර්ගීකරණය නොකිරීමෙන් මෙම ගැටලුව උද්ගතව ඇති බවයි.
කසල වර්ගීකරණය කළ ද මහනගර සභාවේ සේවකයින් ඒවා රැගෙන යාමට නොපැමිණෙන බවටයි ජනතාව චෝදනා කළේ.