Gossips

කොළඹ කණ්ඩායමේ සිටි අශාන් ප්‍රියන්ජන් හදිසියේම දඹුල්ල කණ්ඩායමට

මේ දිනවල පැවැත්වෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව කොළඹ කණ්ඩායමට නම්කර සිටි අශාන් ප්‍රියන්ජන් හදිසියේ දඹුල්ල කණ්ඩායමට මාරුකර යවා තිබෙනවා.
ඒ, දිනේෂ් චන්දිමාල් නායකත්වය දරණ කොළඹ කණ්ඩායමේ කළමනාකාරිත්වයෙන් ඔහුට සිදුවන කෙනෙහිලිකම් පිළිබඳව අශාන් ක්‍රිකට් තේරීම් කමිටුව දැනුවත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ දඹුල්ල කණ්ඩායම සමග පැවති තරගයේදී අශාන් ප්‍රියන්ජන්ට අවස්ථාවක් දෙන ලෙස තේරීම් කමිටුව කොළඹ කණ්ඩායමේ කළමනාකාරිත්වයට දන්වා තිබෙනවා.
නමුත්, ඔවුන් තේරීම් කමිටුවට දන්වා ඇත්තේ අශාන් ප්‍රියන්ජන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට එම තරගයට ක්‍රීඩා කළ නොහැකි බවයි.
තමන්ට තවදුරටත් කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කළ නොහැකි බව අශාන් ප්‍රියන්ජන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දන්වා තිබෙනවා.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ අශාන් ප්‍රියන්ජන්වල ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ දඹුල්ල කණ්ඩායමට කැඳවන්නටයි.