තම සේවකයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක නිරත වනවා.
ඒ ලංගම බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයෙකු මීගමුව පොලීසිය අත්අඩංගුවට ගැනීම හේතුවෙන්.
