Gossips

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පැලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අසළ කොටසක් වැසේ

යෝජිත නව කැළණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් අද සිට තාවකාලිකව වසා තැබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඒ හේතුවෙන් අලුතින් ඉදිකරන ලද විකල්ප මාර්ගය භාවිත කරන මෙන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.
ඒ අනුව කොළඹ – පුත්තලම මාර්ගයේ සහ කොළඹ – නුවර මාර්ගයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම අද සිට තාවකාලිකව නතර කෙරෙනු ඇති.
එමෙන්ම, අධිවේගී මාර්ගයේ සිට කොළඹ සිට පැමිණෙන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ – පුත්තලම සහ කොළඹ – නුවර මාර්ගවලට පිටවීම ද අත්හිටුවන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.