මෙවර කොළඹ ආරක්ෂක සමුළුව ලබන 30 සහ 31 යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්ෂාව යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන බවයි.
