Gossips

කොළඹ – අවිස්සාවේල්ල පරණ පාරේ වාහන තදබදය අවසන්

කොළඹ – අවිස්සාවේල්ල – පරණ පාරේ – හේවාගම ප්‍රදේශයේදී බෝගසක් මාර්ගයට කඩා වැටීමෙන් අද පෙරවරුවේ ගමනාගමනයට බාධා එල්ල වුණා.
පොලීසිය සදහන් කළේ එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට නවගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අද පෙරවරුවේ බෝගස මාර්ගයට කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් කොළඹ දෙසට සහ අවිස්සාවේල්ල දෙසට ගමන් කරන මංතිරු දෙකම අවහිර වී තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු තවදුරටත් සදහන් කළේ.
කෙසේ වෙතත්, මේ වනවිට බෝගස මාර්ගයෙන් ඉවත් කර යළි ගමනාගමන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.