Gossips

කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිට දුන් මාරුව, පොලිස් කොමිසම අවලංගු කරයි

කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර තිබෙනවා.
ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිසමේ රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබූ බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, එය අදාළ අංශ වෙත ලිපියක් මගින් දන්වා යැවීමටද කටයුතු කර තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉන් ඉවත් කර පොලිස් මූලස්ථානයේ රාජකාරී සඳහා යොදවා තිබුණේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බවද එහි ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, පොලිස්පති පූජිත් ජයසුන්දර ඊයේ මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තා.
ඒ, පොලිස් දෙපාර්තමේන්තුව විසින් දළඳා මාලිගාව සඳහා සිදුකරන වාර්ෂික දානමය පිංකම පිළිබඳව දැනුවත් කිරීම සඳහායි.