Gossips

කොළඹ අක්‍රිය කරන සැලසුම ඒකාබද්ධය හෙළි කරයි

සැප්තැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිත "ජන බලය කොළඹට" විරෝධතා ව්‍යාපාරය තුලින් මුළු කොළඹම අක්‍රිය නගරයක් බවට පත්වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි පක්ෂ නායකයින් ඊයේ (28) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මේ බව ප්‍රකාශ කළා.