Gossips

කොළඹින් හමුවූ ට්‍රැමඩෝල්වල වටිනාකම රුපියල් මිලියන 1500 ක්

කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී සොයා ගත් ට්‍රැමඩෝල් මත්පෙති තොගය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලෙස හදුන්වා ගෙන්වා ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගු නිලධාරින්ගේ ද මැදිහත්වීම මත සිදුකළ පරීක්ෂණයකදී මෙම මත්පෙති තොගය සොයා ගැණුනේ අද අලූයමයි.
මත්පෙති එක්කෝටි පනස් ලක්ෂ පනස් දහසක් එකසිය හැත්තෑවක් එහිදී හමුවූ අතර එහි වටිනාකම රුපියල් මිලියන 1500 ක්.
මෙම මත්පෙති තොගය කොළඹ වරාය හරහා ලිබියාවට ගෙන යාමට සූදානම් කර තිබූ බවත්, මේ සම්බන්ධයෙන් ලිබියානු තානාපති කාර්යාලයට දන්වා සිටි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කර සිටියා.
මත්ද්‍රව්‍ය වෙනුවට භාවිතා කරන අධි මාත්‍රා මත්පෙති මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලආරච්චි කියා සිටියේ.