Gossips

කොළඹට බලපෑ සුළං තත්ත්වයෙන් හානිවූ නිවාස සංඛ්‍යාව ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හානිවූ නිවාස සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉන් වැඩිම හානිය එල්ලවී ඇත්තේ හෝමාගම ප්‍රදේශයට බවයි.
ඉදිරි දින කිහිපයේදීත් දිවයින හරහා ප්‍රහාරාත්මක සුළං තත්ත්වයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.