Gossips

කොහුවල අනතුරකින් අයෙකු මරුට – දෙදෙනෙකුට තුවාල

කොහුවල ප්‍රදේශයේදී අද (08) අලුයම සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.