කෙසෙල්වත්තෙන් හිස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලීගේ සිරුර සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් අද අගුණුකොළපැලැස්ස ප්‍රදේශයට පිටත්ව යාමට නියමිතයි.
ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ගෝඨාභයගම ප්‍රදේශයේ ස්ථානයක මෙම හිස නැති සිරුර වළදමා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
කොළඹ 12 – කෙසෙල්වත්ත අබ්දුල් හමීඞ් වීථිය ප්‍රදේශයෙ තිබී කොස් මල්ලී නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 7 වනදා උදෑසනයි.
කළු පැහැති බෑගයක දමා තිබූ මෙම සිරුර කසළ එක් රැස් කරමින් සිටි කාන්තාවකට හමුවී තිබුණා.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කෙරුණා.
එහිදී අනාවරණ වුණේ මෙම හිස කොස් මල්ලී නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ බවටයි.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර, ඔවුන්ගෙන් හෙළිවූ තොරතුරුවලට අනුවයි අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයක වළ දමා ඇතැයි පැවසෙන සිරුර සොයා මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.