Gossips

කොස් මල්ලිගේ කඳ අද ගොඩගනී

කොළඹ 12 – කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (19) ගොඩ ගැනිමට නියමිතයි.
ඔහුගේ කඳ කොටස අගුණුකොළපැලැස්ස – මුරවැඩිහේන – ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා ඇති බවට ඊයේ(18) අනාවරණය කර ගත්තා.
කෙසෙල්වත්ත අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 7 වනදා උදෑසනයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් පස්දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුවයි අගුණකොලපැලැස්ස – ගෝඨාභයගම ප්‍රදේශයේ වළ දමා ඇති කොස් මල්ලිගේ කඳ කොටස සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (18) පෙරවරුවේ එම ප්‍රදේශයට ගොස් තිබුණේ.
මීට දින කිහිපයකට පෙර පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ගේ සමීපතමයෙකු වන මොහොමඩ් රිස්ඛාන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඝාතනයට ලක්වූ කොස් මල්ලී නැමැත්තා, පාතාල කල්ලි නායකයෙකු වූ සමයංගේ ගෝලයෙකු ද වනවා.