පෑලියගොඩ – පුත්තලම මාර්ගයේ මාරවිල – කොස්වාඩිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද අලූයම හලාවත සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කැබ් රථයෙන් රියදුරු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි කරඹ – පාලවිය ප්‍රදේශයේ පදිචි තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
