Gossips

කොස්ලන්ද – මකල්දෙණිය කඳු රක්ෂිතයේ ගින්නක්

බණ්ඩාරවෙල – කොස්ලන්ද – මකල්දෙණිය රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න මේ වනවිටත් පැතිර යමින් බවයි.
අක්කර 50 ක පමණ භූමි ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තාවන්නේ.
ප්‍රදේශයේ පවතින සුළං තත්ත්වයද ගින්න පැතිර යාමට හේතුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියා.