කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශ වලට ජල සැපයුම පස්වරු 6 දක්වා අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
බලපිටිය – කෙරමිනිය ජල පවිත්‍රාගාරයේ සිට කොස්ගොඩ ජල ටැංකිය වෙත ජලය රැගෙන යන නල මාර්ගයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ජල පාරිභෝගිකයින් 3000 ක පිරිසකට මේ හේතුවෙන් ජල සැපයුම අත්හිටුවනු ඇති.
