Gossips

කොස්ගොඩ තාරක සමඟ තවත් සැකකරුවෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට (ඡායාරූප)

මාතර නගරයේ රන් ආභරණ අලෙවි සැලක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාරයේ පසුවන සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු අද (16) මාතර අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පාතාල කල්ලි සාමාජික කොස්ගොඩ තාරක සහ අතුල කිත්සිරි කුමාර නොහොත් මලා යන සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා සිවිල් සාක්ෂිකරුවන් නොපැමිණීම හේතුවෙන් එය ලබන 30 වනදා දක්වා කල් දැමීමටයි අධිකරණය නියෝගකර සිටියේ.
කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර මේ වන විට බන්ධනාගාර රෝහලේ පසුවන කොස්ගොඩ තාරකගේ බාල සොහොයුරා වන මධුක නිර්මාල් අද දින අධිකරණය හමුවට ඉදිරිපත්කර සිටි නොමැති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
කොල්ලකෑම සිදුකර පලායන අවස්ථාවේ පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී මාතර පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙක්ද කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා.




ඡායාරූප මාතර – අදීශ ආරියතිලක