Gossips

කොස්ගොඩ තාරකගේ මවත් රිමාන්ඩ්

මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරකගේ මව ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා.
ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලකරුවන් පැමිණි එක් යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය වීම හේතුවෙන්.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් 3 දෙනා ලබන 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් විසින්. පළාගිය තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරම්භ කළ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
මාතර නගරයේ සිදුවූ මෙම කොල්ලකෑම සහ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී ඊයේ පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
ඒ මාතර කිරළකැලේ ප්‍රදේශයේ සඟවා තිබූ බෑගයක් පෙන්වීමට යාමේදියි.
මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැළක් කොල්ලකෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවූයේ පෙරේදා පෙරවරුවේයි.
මෙහිදී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කොල්ලකරුවන් සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී මියගිය පොලිස් සැරයන්වරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ මාතර – ගොඩගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණියා.