Gossips

කොස්ගම සිදුවූ ද්විත්ව ඝාතනය

අවිස්සාවේල්ල – කොස්ගම, වැරැල්ල මණ්ඩිය ප්‍රදේශයේ නිවසකදී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
අද (02) උදෑසන මෙලෙස ඝාතනය කර ඇත්තේ 34 හැවිරිදි එක් දරු මවක් සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ 78 හැවිරිදි මිත්තණියයි.
මියගිය 34 හැවිරිදි කාන්තාවගේ දරුවා මසක් වයසැති බිළිඳෙකු ද බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිසිය පවසන්නේ මුදල් ආරවුලක් මත මෙම ඝාතනයන් සිදුකර ඇති බවයි.
ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ ඥාතියෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති අතර සැකකාර පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.
ඔහු මුදල් පොළියට ලබාදෙන පුද්ගලයෙකු වන අතර සැකකරු සොයා කොස්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෘත ශරීර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකිරීමට නියමිතව තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.