හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන සිර මැදිරියක රදවා සිටි සැකකරුවන් දෙදෙනෙක් කොස්ගම පොලිස් සිර මැදිරියෙන් පැනයාම සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
අදාල සැකකරුවන් දෙදෙනා හෙරොයින් සමඟ ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා අද (07) අළුයම මෙලෙස සිර මැදිරියෙන් පැනගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහෝදරයින් වන අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1050ක් සහ මිලිග්‍රෑම් 1020ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් ගල්කන්ද, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
