Gossips

කොස්ගම ද්විත්ව කාන්තා ඝාතනයේ සැකකරු කොටු

අවිස්සාවේල්ල, කොස්ගම, වැරැල්ල මණ්ඩිය ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධවලින් පහරදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් සැකකරු ඇඹිලිපිටිය, ගඟේ යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පසුගිය දෙවනදා මෙම ද්විත්ව ඝාතනයන් සිදුවුණා.
මෙලෙස ඝාතනයට ලක්වුණේ 34 හැවිරිදි එක් දරු මවක් සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ 78 හැවිරිදි මිත්තණියයි.
මියගිය 34 හැවිරිදි කාන්තාවට මසක් වයසැති බිළිඳෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිසිය පවසන්නේ මුදල් ආරවුලක් මත මෙම ඝාතනයන් සිදුකර ඇති බවයි.
ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ ඥාතියෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වූ අතර සැකකරු මුදල් පොළියට ලබාදෙන පුද්ගලයෙකු බව සඳහන්.