Gossips

කොස්ගම ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

කොස්ගම, අලුත් අම්බලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ඊයේ (31) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කොල්ලකා තිබෙනවා.
මෙය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 7.15ට පමණයි.
සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරගත් දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ පිරවුම්හලේ තිබු ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ලකා ඇති බව සඳහන්.
සැකකරුවන් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ඉන් පිරවුම්හලේ සිවිලිමට හානි වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.