Gossips

කොලොම්බියාව පැරදවූ ජපානය වාර්තා පොතට

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ (19) පැවති තරඟවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට ජපානය, සෙනගාලය සහ රුසියානු කණ්ඩායම් සමත් වුණා.
පෝලන්තය සමඟ පැවති තරඟය ගෝල 2 ට 1 ක් ලෙස සෙනගාලය ජයග්‍රහණය කළ අතර, ඊජිප්තුව සමඟ පැවති තරඟය රුසියාව ජය ගත්තේ ගෝල 3 ට 1 ක් ලෙසයි.
කොලොම්බියාව සමඟ පැවති තරඟය ගෝල 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ජපානය සමත් වුණා.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකදී ආසියානු රටක්, දකුණු ඇමරිකානු කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.
මේ අතර, අද දිනයේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට අදාළව තරඟ 3 ක් පැවැත්වෙන අතර, පෘතුගාලය, තරඟ වදින්නේ මොරොක්කෝ කණ්ඩායම සමඟයි.
එසේම, උරුගුවේ කණ්ඩායම සෞදි අරාබිය සමඟත් ඉරානය, ස්පාඤ්ඤය සමගත් තරග වදිනු ඇති.
rn