Gossips

කොලොන්නේ අනතුරකින් දෙදෙනෙකු මරුට

ඇඹිලිපිටිය – සූරියකන්ද මාර්ගයේ කොලොන්න – දහසයේ කණුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ත්‍රීරෝද රථයක් රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් ඊයේ (15) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
52 සහ 68 හැවිරිදි ඔවුන් කොලොන්න – වතුලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්.