මීගමුව, කටාන, කටුනායක සහ කොච්චිකඩේ යන පොලිස් බල ප්රදේශවල සිදුකළ රන් භාණ්ඩ කොල්ලකෑම් සිද්ධීන් ගණනාවකට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, දඹුල්ල සහ කොච්චිකඬේ යන ප්රදේශවල ඊයේ සිදුකළ මෙහෙයුම්වලදියි.
කොල්ලකෑමේ සිද්ධීන් 12කට මොවුන් සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.
මෙම සැකකරුවන් මැදමහනුවර සහ කොච්චිකඩේ ප්රදේශවල පදිංචිකරුවන්.
