Gossips

කොල්ලූපිටියේ පිළිස්සුනු මළ සිරුරක් පිළිබඳ පොලිස් පරීක්ෂණ

කොල්ලූපිටිය – ගෝල්ෆේස්කෝට් පටුමෙඟ් නිවසක තිබී හමුවූ පිළිස්සී ගිය පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිසීය පවසනවා.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් ඔස්සේ සිදුකළ සෝදිසි කිරීමකදියි ඇඳක් මත අත්පා ගැටගසා පුළුස්සා ඇති මෙම පුද්ගල මළ සිරුර ඊයේ සොයාගෙන තිබුණේ.
මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි, අරංගල – හෝකන්දර උතුර – අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.