කොල්ලුපිටිය – නෙල්සන් පටුමඟේ පිහිටි නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. 
ඊයේ (03) පස්වරුවේ මෙලෙස සොයාගෙන ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි අවුරුදු 76ක් වයසැති දමිල ජාතික කාන්තාවක්. 
මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (04) සිදුකිරීමට නියමිතයි.



