විදේශිය කාන්තාවන් යොදාගනිමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් කොල්ල්ලුපිටිය ප්‍රදේශයේදී ඊයේ (01) පස්වරුවේ වටලා තිබෙනවා.
කොල්ල්ලුපිටිය පොලිසිය විසින් සිදුකළ මෙම වැටලීමේදී එම ස්ථානය පවත්වාගෙන ගිය චීන ජාතිකයෙකු සහ ගණිකා සේවයේ යෙදෙමින් සිටි චීන ජාතික කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු පිරිස 48,45,39 සහ 38 යන වයස් සීමාවල පසුවන්නන් බවයි කොල්ල්ලුපිටිය පොලිසිය පැවසුවේ.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගැනුණු පිරිසට මෙරට රැඳී සිටිමට වලංගු වීසා නොමැති බවට අනාවරණය වී තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ කොල්ලුපිටිය පොලිසිය විසින් සිදුකරන අතර සැකකරු සහ සැකකාරියන් අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
