Gossips

කොල්ලුපිටියෙන් ඇල්ලූ ගණිකා නිවසෙන් සරසවි සිසුවියක් අල්ලයි

කොල්ලුපිටිය, ක්ලිපර්ඩ් පටුමගේ සුඛෝපභෝගී දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය චීන ජාතික කාන්තාවක සමඟ විශ්වවිද්‍යාල සිසුවියක හා වියට්නාම තරුණියක අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසනවා.
කොල්ලුපිටිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාස් උසාවියෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව කොල්ලුපිටිය පොලීසිය දූෂණ මර්දන අංශය සිදුකළ මෙහෙයුමකදියි සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
අත්අඩංගුවට ගත් වියට්නාම තරුණිය සංචාරක වීසා මත මීට මාස තුනකට පෙර මෙරටට පැමිණ ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
මීට පෙරද මෙම ස්ථානයේ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ගණිකා වෘත්තියේ නියැළි සිටි නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
චීන ජාතික යුවළ මෙම නිවස මාසිකව රුපියල් ලක්ෂ දෙකක මුදලකට කුලියට ගෙන ඇතැයිද සඳහන්.
පොලීසිය සෝදිසි කරද්දි චීන ජාතිකයා නිවසේ සිට නැහැ.
තරුණියක රුපියල් පන්දහසේ සිට ඉහළ මිලකට සේවාදායකයින්ට අලෙවි කර ඇති බව පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් තරුණියන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.