කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් කොල්ල කෑ සැකකරුවෙකු කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු ළඟ තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. පෞද්ගලික බැංකුවකින් ඊයේ චෙක්පතක් මාරු කළ පුද්ගලයෙකුගෙනුයි සැකකරු මෙලෙස මුදල් කොල්ල කා ඇත්තේ.
මොහු අවුරුදු 43ක් වයසැති තුල්හිරිය – නාන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
