කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් අටදෙනෙකු නොච්චියාගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නොච්චියාගම – ඕලුවැව, රාජාංගණය සහ හල්මිල්ලකුලම ප්රදේශවලදී මෙම සැකකරුවන් ඊයේ (08)අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්රදේශ රැසක මුදල් සහ දේපළ කොල්ලකෑම් සිදුකර ඇති බවටයි වාර්තාවන්නේ.
