Gossips

කොල්ලකෑම් රැසකට සම්බන්ධ තුන්දෙනෙකු හබරාදූවේදී අත්අඩංගුවට

දේපළ සොරාගැනීම් ඇතුලූ අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයින් තුන්දෙනෙකු මෝටර් රථයක් සමඟ හබරාදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශික කාන්තාවක් සතු ගමන් බෑගයක් කොල්ලකෑම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් පිළිබඳව සී සී ටී වී දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට හබරාදූව, මාළිගාවත්ත සහ කොළඹ ප්‍රදේශවල මුදල් කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවක් සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.