Gossips

කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

බැංකු සහ ස්වර්ණාභරණ අලෙවිසැල් කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.
පොලිසිය සඳහන් කළේ අද දහවල් වත්තල නගරයේ පෞද්ගලික බැංකුවකින් මුදල් කොල්ලකෑමට යතුරුපැදියකින් පැමිණි මෙම සැකකරු එම බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු විසින් කළ ප්‍රශ්ණ කිරීමේ දී යතුරුපැදියෙන් පළාගොස් ඇති බවයි.
එහිදී කැළණිය කොට්ඨාශයේ සියලු පොලිස් ස්ථානවලට සැක කටයුතු යතුරුපැදිය සම්බන්ධයෙන් දැනුම්දී තිබෙනවා.
අනතුරුව කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැක කටයුතු යතුරුපැදියක් හඹාගොස් සැකකරු සමග යතුරුපැදිය අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.
මෙම පුද්ගලයා 2017 වසරේ සැප්තැම්බර් මස 12 වනදා කිරිබත්ගොඩ නගරයේ ස්වර්ණාභරණ ආයතනයකින් ගිනි අවියක් පෙන්වා රුපියල් 4,160,000 ක් වටිනා රන් මාල 37 ක් කොල්ලකෑම, පසුගිය මාර්තු 20 වනදා කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවක සේවිකාවකට තියුණු ආයුධයක් පෙන්වා රුපියල් 950,000 ක් කොල්ලකා පළායාමට සම්බන්ධ බව හෙළිවී තිබෙනවා.
ඊට අමතරව පසුගිය අප්‍රේල් මස 25 වනදා කඳාන නගරයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුට පහරදී පළා යාම සහ අප්‍රේල් 27 වනදා වත්තල පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මුදල් කවුන්ටරයේ තිබෟ ඍැපියල් 750,000 ක් කොල්ලකා යතුරුපැදියෙන් පළා යාමට ද සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.
සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේම පදිංචි කොටිගලගේ ජගත් සිසිරි කුමාර නම් 42 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී මිරිස් කුඩු පාර්සලයක් තිබී ඇති අතර අනාවරණ වී ඇත්තේ ඔහු වත්තල පෞද්ගලික බැංකුවේ මුදල් මිරිස් කුඩු ගසා කොල්ලකෑමට සැලසුම්කර තිබී ඇති බවයි.
මෙම සැකකරු තවත් මෙවැනි කොල්ලකෑම් සිදුකර ඇත්දැයි සොයා බැලීම සඳහා කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ කිරිබත්ගොඩ පොලිසිය විමර්ශණ සිදු කරනවා.