Gossips

කොල්ලකෑම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

ඒකල සහ ජාඇල ප්‍රදේශවල කොල්ලකෑම්වල නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (18) අත්අඩංගුවට ගත් මොවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව උණ්ඩ 8ක්, කඩුවක්, මුහුණු ආවරණ 4ක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් වයස අවුරුදු 23 සහ 30 පසුවන, කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.