Gossips

කොල්ලකා පලා යන සැකකරු බැංකුව ඇතුලෙම අත්අඩංගුවට

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියා සමග ගණුදෙනුකරුවන් එක්ව කොල්ලකරුවෙකු මෙල්ලකිරීමට සමත්ව තිබෙනවා.
ඊයේ (03) සවස බැංකුවට පැමිණි සැකකරු මුදල් අයකැමි ලෙස සිටි කාන්තාවකට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකරමින් කොල්ලය සිදුකිරීමට උත්සහ කර තිබෙනවා.
එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරියා සහ ගණුදෙනුකරුවන් එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරු රුපියල් 11,082,160 ක (එක්කෝටි දස ලක්ෂ අසූ දෙදහස් එකසීය හැටක්) මුදලක් කොල්ලකා රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව සැකකරු පොලිසිය වෙත භාරදී ඇති අතර කොල්ලකෑමට තැත්කළ මුදල් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වත්තල පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.