Gossips

කොල්ටර් නයිල් වෙනුවට ඩේල් ස්ටේන් බැංගලෝර් පිලට එක්වෙයි

දකුණු අප්‍රිකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ ගිවිසුමක් අත්සන් තිබෙනවා.
ඒ අබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක නෙදන් කොල්ටර් නයිල් (Nathan Coulter-Nile) වෙනුවටයි.
කෙසේ වෙතත් ඩේල් ස්ටේන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී ගෙන තිබුණේ නැහැ.
ස්ටේන් අවසන් වරට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ක්‍රීඩාකර තිබුණේ 2016 වසරේ වන අතර ඒ ගුජරාට් ලයන්ස් කණ්ඩායම වෙනුවෙන්.rn