Gossips

කොල්කටා සහ රාජස්ථාන් කණ්ඩායම්වලට ජය

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයග්‍රහණ ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් සමත්වුණා.
රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල්ස් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම් අතර ජායිපූර්හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් ක්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 164 ක් ලබාගත් අතර, ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයින්ට පන්දු වාර 19 යි පන්දු 2 ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134 ක් පමණයි.
හයිද්‍රාබාද් හි ඊයේ පැවති අනෙක් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 172 ක් රැස් කළා.
ලකුණු 173 ක් ලබාගනිමින් කොල්කටා කණ්ඩායම එම තරගයේ ජයග්‍රහණය හිමිකරගත්තා.