අයි.පී.එල්. තරගාවලියට අදාළව කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයෙන් කඩුලූ 7ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 178ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 5ක් අවසානයේදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලූ 3ක් පමණක් දැවී තිබියදියි.
