Gossips

කොල්කටා නායකත්වය වෙනස් වෙයි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් කාර්තික් පත් කරනවා.
ඒ අනුව 2018 අයි.පි.එල් තරඟාවලියේදී දිනේෂ් කාර්තික් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙහෙයවනු ඇති.
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ගෞතම් ගම්භීර් මීට පෙර කටයුතු කළා.
පසුගියදා නිමාවූ අයි.පි.එල් වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 7.4කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් කාර්තික්ව මිලදී ගනු ලැබුවා.
පසුගිය තරඟාවලි තුලදී දිනේෂ් කාර්තික් ගුජරාට් ලයන්ස්, මුම්බායි ඉන්දියන්ස්, කිංග්ස් ඉලවන් පන්ජාබ් සහ රෝයල් චලෙන්ජස් බැංගලෝර් යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරනු ලැබුවා.
මේවර තරඟාවලියේදී කොල්කටා කණ්ඩායමේ උප නායකයා ලෙස රොබින් උත්තප්පා පත්කර තිබෙනවා.
2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟ වදින පළමු තරඟය අප්‍රේල් මස 08 වනදා රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.