Gossips

කොල්කටාවෙන් බැංගලෝරයට දරුණු ප්‍රහාරයක්

අයි.පී.එල්. තරඟාවලියට අදාලව ඊයේ (29) පැවති දෙවන තරඟය ජයගන්නට කොල්කටා නයිට් රයිඩර් පිළ සමත් වුණා.
බැංගලෝර් නුවර චෙන්නස්වාමී ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේදී කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.
නයිට් රයිඩර් ක්‍රීඩකයින් මෙම තරඟය ජයගත්තේ කඩුලු 06 කින්.
පන්දු 52ක් තුල නොදැවී ලකුණු 62ක් රැස්කළ ආරම්භක පිතිකරු ක්‍රිස් ලියන් නයිට් රයිඩර් ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
කොල්කටා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 175ක්.
එහිදී බැංගලෝර් නායක විරාත් කෝලි නොදැවී ලකුණු 68ක් රැස් කළේ පන්දු 44 කදී හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් සමඟින්.
බ්‍රින්ඩන් මැකලම් ලකුණු 38ක් සහ කුවින්ටන් ඩී කොක් ලකුණු 29ක් රැස්කළා.
පන්දු යැවීමේදී අන්ඩි‍්‍ර රසෙල් බැංගලෝර් කඩුලු 03ක් බිඳ දැමුවා.
ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම පන්දුවාර 19ක් එක් පන්දුවක් තුලදී එම ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ආරම්භයේදීම පිටියට පිවිස අවසන් මොහොතේ සිය කණ්ඩායම් ජයග්‍රහණය කරා රැගෙන ගිය ක්‍රිස් ලියන් තරඟයේ වීරයා බවට පත් වුණා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrnrnrnrnrn