Sports

කොරෝනා බලපෑමෙන් සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගය කල් දමයි

News 1st – කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්, සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගය කල්දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබේ. 1981 වසරේ ආරම්භ වූ ලන්ඩන් මැරතන් තරගය කල් දැමු ප්‍රථම අවස්ථාව මෙයයි. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රධාන ක්‍රීඩා තරග සහ තරගාවලි රැසක් මේ වනවිට කල් දමා තිබේ.

The post කොරෝනා බලපෑමෙන් සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගය කල් දමයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.