Gossips

කොරියානු සමුළුවට, ට්‍රම්ප් වියට්නාමය බලා නික්මෙයි

උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ දෙවන සමුළුවට සහභාගිවීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ රාත්‍රියේ වොෂින්ටනයෙන් නික්මුණා.
ජනාධිපතිවරයාගේ නිළ ගුවන් යානය වන එයාර් ෆෝස් වන්, යානයෙන් ඔහු වියට්නාමය බලා පිටත් වූ අතර, අද සන්ධ්‍යාවේ හැනෝයි නුවරට ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි.
සමුළුවට සහභාගිවීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් මේ වන විටත් පිටත්ව ඇති අතර ඔහු රැගත් දුම්රිය මේ වන විට චීනය හරහා වියට්නාමය වෙත ගමන් ආරම්භ කර ඇති බව සඳහන්.
නායකයන් දෙදෙනා අතර සමුළුව හෙට සහ අනිද්දා පැවැත්වෙනවා.
ජනපති ට්‍රම්ප් සහ කිම් ජොං අන් මීට මාස 8කට පෙර සිංගප්පූරුවේදී ප්‍රථමවරට සමුළුවට එක්වූ අතර එහිදී එකඟතා ගිවිසුමකට ද අත්සන් තැබුවා.
මෙවර සමුළුවේදී කොරියානු යුද්ධය නිළ වශයෙන් අවසන් කිරීමේ සාම ගිවිසුමකට ද එළඹෙනු ඇතැයි අපේක්ෂිතයි.
1950 සිට 53 දක්වා පැවති කොරියානු යුද්ධය සටන් විරාමයකින් අවසන් වුවද, සාම ගිවිසුමක් මෙතෙක් අත්සන් තබා නැහැ.