Gossips

කොරියානු යොවුන් සංගීත කණ්ඩායමක් බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ මුල් තැනට

කේ – පොප් හෙවත් කොරියානු ජනප්‍රිය සංගීතයේ විප්ලවකාරී යොවුන් සංගීත කණ්ඩායමක් වන බී.ටී.එස්. බ්‍රිතාන්‍යය පොප් සංගීත දර්ශකයේ මුල් තැනට පැමිණ තිබෙනවා.
සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් බී.ටී.එස්. සංගීත කණ්ඩායමේ මැප් ඔෆ් සෝල් සංගීත ඇල්බමය බ්‍රිතාන්‍ය සංගීත සමරු දර්ශකයේ මුල් තැන හිමි කරගෙන ඇත්තේ එවැනි දස්කමක් දැක්වූ ප්‍රථම කොරියානු සංගීත කණ්ඩායම බවට පත්වෙමින්.
ඔවුන්ගේ පර්සෝනා නැමැති ගීතය ටූ ටියුබ් සමාජ මාධ්‍යයේ පැය 24ක් තුළ වැඩිම සංඛ්‍යාවක් එනම් මිලියන 74.6ක් නැරඹීමෙන් ද නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා.
කොරියානු බී.ටී.එස්. යොවුන් සංගීත කණ්ඩායම ලබන ජුනි 1 වන දා සහ 2 වන දා ලන්ඩනයේ සුප්‍රකට වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී සංගීත සංදර්ශන දෙකක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වූ ප්‍රවේශ පත්‍ර දැනටමත් විකිණී අවසන් වී ඇති බව සඳහන්.