Gossips

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් නිකුත් කිරීම ලබන සඳුදා සිට

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම ලබන සඳුදා ආරම්භ වනවා.
එය මාර්තු 2 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී සිදුකෙරෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ.
මෙවර විභාගය නිෂ්පාදන සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සඳහා පැවැත්වීමට නියමිතයි.
එසේම, මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පරිගණක ආශ්‍රිතව පැවැත්වෙනු ඇති.
ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා මාර්තු මස 19 වනදා සිට මැයි 4 වනදා දක්වාත්, නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා මැයි 25 සිට ඔක්තෝම්බර් 5 දක්වාත් කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය පැවැත්වෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.