Gossips

කොරියානු ඒකාබද්ධ කණ්ඩායම චීනය පරදවයි

දකුණු කොරියාවේ ඬේජියොන් නුවර පැවැත්වෙන කොරියානු විවෘත ජාත්‍යන්තර ටේබල් ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල රන් පදක්කම උතුරු සහ දකුණු කොරියානු ඒකාබද්ධ කණ්ඩායම විසින් ජයග්‍රහණය කළා.
එහිදී උතුරු කොරියානු ක්‍රීඩිකාවක සහ දකුණු කොරියානු ක්‍රීඩකයෙකුගෙන් සමන්විත මිශ්‍ර යුගල කණ්ඩායම චීන ක්‍රීඩක – ක්‍රීඩිකා කණ්ඩායම පරදවා තරඟ වට තුනක එකක ජයග්‍රහණයක් වාර්තා කර තිබෙනවා.
1991 වසරේ ටේබල් ටෙනිස් ලෝක ශූරතා තරගාවලියේදී ඒකාබද්ධ කොරියානු කාන්තා කණ්ඩායම චීනය පරදවා ලද ජයග්‍රහණයෙන් පසු උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්ව ලද ප්‍රථම ජයග්‍රහණය මෙයයි.